මම පුංචි කාලේ, ඒ කියන්නේ ඔය ගොඩක් දේවල් නොතේරෙන, ටිකක් දේවල් තේරෙන කාලේ පොඩි නිවාඩුවක් එහෙම ආවම අපි යනවා අපේ අම්මලගේ ගමේ. කුඹුරු, ගස් වැල් වගේම යාලුවෝ ගොඩක් හිටිය නිසා මම ඒ දවස් වල ඉන්නේ ඇගිලි ගැන ගැන ඉන්නෙ ගමේ යන්න දවසක් එනකන්...අපේ ගමේ ඒ දවස් වල තිබ්බා ලොකුම ලොකු දං කැලයක්, මහගෙදර වටෙටම ජම්බු, රඹුටන්, අඹ, නාරං, කජු ගස් පිරිලා ඒ වගේම එහෙ තිබ්බා නාන ලිදක් ඔය අපි ඔය දැන් නාන ටැප් වතුර වගේ නෙමේ මේ ලිදේ වතුර ටිකකින් නා ගත්තම ඇඟට දැනෙන්නේ පුදුම සනීපයක් .
අපේ ගමේ ගෙදර කට්ටිය ගොඩයි, කරන්න දේවල් ගොඩයි, බලන්න දේවල් ගොඩයි, ඒ වගේම එහෙ මට කියාගන්න තේරෙන්නේ නැති ඒත් ඇඟට දැනෙන සතුටින් පිරිච්ච මහ අමුතු ජීවයක් පිරිල තිබ්බා...
මහගෙදරට ගිහිල්ලා වෑන් එකෙන් බහිනකොටම එන්නේ ආච්චියි, ආතයි අපිව පිලිගන්න, එයාල ලගින් එන ඒ සුවදයි ගමේ සුවදයි මටනං නිකන් තාමත් දැනෙනව වගේ....
නංගියි මමයි ගමේ යන්න වාහනේට නැග්ගම බහින්නේ කොයි වෙලාවෙද කියල බලාගෙන ඉන්නේ - වාහනෙන් බැස්ස ගමන් අයියයි, අක්කලයි, මල්ලිලයි එක්ක එකතු වෙලා මුලු ගම වටේම ඇවිදල තමයි එන්නේ,ඔන්න ටිකක් පරක්කු වෙනකොට නැන්දා කෑගහනව "ළමයි කන්න එන්න කියල"...ගස් උඩ නැගල, ඇලේ නටල, වැටිලා, අතපය එහෙම හූරගෙන තමයි ඉතින් ගෙට ගොඩ වෙන්නේ ඒත් ඉතින් අපිට මොන බඩගින්නක්ද ගස් වල තියෙන ගෙඩි ජාති කාල කාල බඩේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ,ඒ උනාට ආච්චියි නැන්දලයි එකතුවෙලා උයන රස කෑම නොකා ඉන්නේ කොහොමද??? පෙරේතකමට ඒවත් කොහොමහරි කනවා.
මට මතකයි එක දවසක් අපේ මාමා මාව හොඳට නාවන්න ඔනේ කියල විහිළුවට අත්දෙකෙන් අල්ලගෙන ලිඳට දැම්මා - මම ඒ වෙලාවේ බය උනාට මාමා නැන්දගෙන් බැනුම් අහපු හැටි මතක් වෙනකොටනන් මට තාමත් හිනා යනවා...
රෑට නිදාගන්න යනකොට නරියෝ කෑගහන සද්දෙ ඇහෙනව, ඉතිං මාමා කරන්නේ අපි ඔක්කොම වට කරගෙන හොල්මන් කතා කියන එක...ඒ කතාවලට බයේ ගුලි වෙලා නිදාගත්තම ආපහු ඇහැරෙන්නේ උදේට කුරුල්ලෝ කෑගහන සද්දෙන්.
මේ ඔක්කොටමත් එක්ක හරියන හොඳම වැඩේ තමයි ගමේ පන්සල, මම පොඩි කාලේ ඉදල ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ මාව දන්නව අනික ඉතින් අපිට මේ ගමේ පන්සලට යන්න හම්බවෙන්නෙත් කලාතුරකින්නේ, එහෙම ගියාම ඉතින් ලොකු හාමුදුරුවන්ගෙන් මට තෑගි භෝග එහෙම මහ ගොඩයි.
ඒ කාලේ අපි තරගෙට දං ගෙඩි කඩාගෙන කාපු හැටි, ඇලවල් වල නටපු හැටි, ඇලදිගේ කඩදාසි බෝට්ටු යවපු හැටි, ගොයම් පිරිච්ච කුඹුරු දිගේ ඇවිදගෙන ගිය හැටි මතක් වෙනකොට මටත් කොච්චර ලස්සන ලමා කාලයක් තිබුනද කියල හිතෙනව
ඒත් මම මෙච්චර ආදරේ කරපු ගම දැන් ගොඩක් වෙනස් වෙලා, ආච්චි අපිව දාල ගියා, අයියලා අක්කලා ලොකු වෙලා රැකියාවන් දරුමල්ලෝ එක්ක කාර්ය බහුල වෙලා.
අපි සෙල්ලම් කරපු දං කැලේ කපලා ඒ ඉඩම් කට්ටි කරලා විකුනලා, ඇලට කුනු දාල, කුඹුරු ගොඩ කරලා, ඉතුරු කුඹුරු පුරන් වෙලා, රෑට ඇහුන නරියන්ගේ සද්දෙත් නෑ, ගමේ ගියා කියලා දැන් ඇවිදින්න තැනකුත් නෑ...
හරිම ලස්සනයි මන්ජි !!! අමුතු ලස්සන් හැගීමක් හිතෙ ඇදිල ගියා දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුතියි ගයාන්... :D
ReplyDeleteමේකට \ඇත්තම photo ටිකක් ඔයාගෙ දැම්මනම් තවත් හොදයි.
ReplyDeleteස්තුතියි මධූ...ඔව් ඔව් මටත් පස්සේ එහෙම හිතුනා :)
ReplyDeleteහරිම ලස්සනය් මන්ජි.... ලස්සනට ලියලත් තියෙනවා
ReplyDeleteගොඩක් ස්තුතියි Pinky...ඔයාලගේ අදහස්, උපදෙස් මට ගොඩක් වටිනවා !!!
ReplyDeleteමාත් හෙනම හෙන ගමේ එකෙක්..
ReplyDeleteඅපිත් ඉතිං ගම්වල අය තමයි සඳරුවන් :)
ReplyDelete