Pages

Saturday, October 22, 2011

සරසවි ජීවිතය....




පැය හයක් හතක් විතර බස් එකේ එනකොට සමහර වෙලාවට මට හිතෙනවා ඇයි මම මෙච්චර දුර විශ්ව විද්‍යාලයකට ආවේ කියලා, ඒත් හපුතලේ, බණ්ඩාරවෙල පහුකරගෙන ගමනාන්තයට ලගාවෙනකොට හිතට පුංචි සන්තෝසයක් දැනෙනවා එක අතකින් බලනකොට මම කොච්චර වාසනාවන්තද කියලා; මීදුමෙන් වැහිච්ච කදුවැටි,ගහ කොල වලින් පිරුන අමුතු සීතලක් දැනෙන පුදුමාකාර ලස්සන පරිසරයක මගේම කියන්න පුලුවන් හිත හොද යාලුවෝ ටිකක් එක්ක ඉන්න ලැබෙන එක ඇත්තටම සුන්දර අත්දැකීමක්.

අපි මුලින්ම කැම්පස් ආපු දවස් වල ඉතින් අපේ අයවත් අදුරන්නේ නෑනේ, ඉහල වසරවල්වල සහෝදර සහෝදරයින්ගෙන්රැවුම් ගෙරවුම් එහෙම නැතුවමත් නෙමෙයි, හැබැයි මේ ඔක්කොටම හරියන්නත් එක්ක ආපු දවසෙම අහම්බෙන් වගේ යාලුවෝ හය දෙනක් හම්බ උනා - දැන අදුරගෙන අවුරුදු තුනක් ගෙවුනත් පණ වුනත් දෙන්න තරමට මාත් එක්ක තාම ලගින්ම ඉන්නේ ටිකම තමයි; පස්සේ කාලයක් යනකොට බොහොමයක් අය අපිත් එක්ක සුහද වුනා දැන අදුර ගත්තා, අන්න එතකොට තමයි තේරුනේ සරසවියක් කියන්නේ පවුලක් වගේම දෙයක් කියලා...උදවු කරන්න අය ගොඩයි, උදවු ගන්න අය ගොඩයි, දුක සැප බෙදා හදා ගන්න අය ගොඩයි.


කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ නං ඉතින් බොහොම සැපට හිටියා, මගේ නැන්දලාගේ වචන වලින් කියනවා නංරැජිනියෝ වගේ...මොකද පලවෙනි වසරේ අපිට කැම්පස් එක ඇතුලෙම නේවාසිකාගාර  ලැබුනා; උදේ අටේ දේශනය යන්නත් නැගිටින්නේ හත හමාරට විතර, අලුතෙන්ම හදපු නේවාසිකාගාර හරියට නිකං තරු හතේ හෝටලයක් වගේ, අපිව බලාගන්න හිටපු කෙයාර් ටේකර් ඇන්ටිලත් හරිම හොදයි; හැබැයි අපේ අයත් ඉතිං තමන්ගේ දෙයක් වගේ මේ හැම දෙයක්ම අනාගත පරපුරටත්  ලබාගන්න පුලුවන් විදියට ගොඩක් හොදට පරිහරනය කලා.... වුනාට දැන් අලුතින් සරසවියට ආපු සමහර අයට නං ගැන කිසිම හැගීමක් නෑ කියලත් මට හිතුනේ, එක දවසක් එක  ශිෂ්‍යයෙක් ඊට ටිකක් එහායි කුණු දාන්න භාජනයක් තිබුනත් ටොෆියක් කාලා එතනම බිමට කොලේ දානවා දැකලා...අපේ දේවල්රැක ගන්න අපි දැනගන්න ඕනි ඒක කවුරුත් කාටවත් කියලා දෙන්න දෙයක් නෑ, ඇගෙන්ම එන්න ඕනි දෙයක් කියලයි මගේ හැගීම නං.

මේ හැම දෙයක් එක්කම මට සතුටක් ලබා දුන්න දෙයක් තමයි මගේ විශ්ව  විද්‍යාලය ගැන අනිත් අයට විස්තර කරන එක, ඒකට හේතුව තමයි අපේ විශ්ව  විද්‍යාලය මෑතකදී ආරම්භ කරන ලද එකක් වීම...ඉතින් මගේ විශ්ව  විද්‍යාලය තියෙන්නේ බදුල්ලේ කියනකොට හැමෝම හිතුවේ " ආහ් ඔය සබරගමු කැම්පස් එක නේද කියලා"...මමත් ඉතිං අනේ නෑ කියලා මුල ඉදන් අගටම කැම්පස් එක ගැන හොද විස්තරයක් දෙනවා, දැන් නං ඉතින් කියන්න කරදරයක් නෑ  අපේ සහෝදර සිසු සිසුවියන්ගේ හැකියාවන්ජයග්‍රහණ ආදී දේවල් නිසා බොහෝදෙනක් අපේ විශ්ව විද්‍යාලය ගැන දන්නවා.

සරසවි ජීවිතේ අමතක නොවෙන තවත් දෙයක් තමයි "පාදාංකරය"නමින් දෙවන වසරේදි අපි පවත්වන්නට යෙදුනු ප්‍රදර්ශනය.දේශන,විභාග එක්ක ප්‍රදර්ශන වැඩ සංවිධානය කරන්න දවසේ පැය විසිහතරත් මදි වුනා..."හිත ඇත්නම් පත කුඩාද" කියලා අපි එකතුවෙලා කොහොමහරි වැඩ ටික ඉවරකරගත්තා වගේම අපේ මහන්සියේ ප්‍රතිඵලත් සියැසින්ම අපි දැක ගත්තා,ඒ ප්‍රදර්ශනය නරඔන්න ආපු මහා ජන ගංගාවයි,ලැබුනු ප්‍රතිචාර වලිනුයි.

මගේ සරසවි ජීවිතේ අවුරුදු තුනක් මටත් නොදැනීම විවිධාකාර අත්දැකීම් මැද ගෙවිලා ගියා, හැම දේකින්ම මම මගේ ජීවිතේට  කොයිතරං නම් දේවල් එකතු කර ගත්තද... ගෙදර, මට ආදරය කරන අයගේ වටිනාකම; මගේ අම්මගේ, අප්පච්චිගේ, නංගිගේ ආදරය; කෙනෙක්ගේ ජීවිතයකට යාලුවෙක්ගේ තියෙන වටිනාකම විතරක්ම නෙමෙයි මම මගේ වටිනාකමත් තේරුම් ගත්තේ මගේ සරසවි දිවියට ස්තුති වෙන්න…මේ හැමදෙයක් එක්කම මට දැන් ලංකාවේ ඕනෙම තැනක යාලුවෙක් කියන්න පුලුවන් කවුරුහරි කෙනෙක් ඉන්නවා, ඒක ඇත්තටම හිතට ලොකු ශක්තියක් ඇතිකරනවා වගේම ඒ හැගීමම ඇති කෙනෙක්ට හිතට සතුටක් ලබාදෙන්න.


ඇත්තටම සරසවි ජීවිතය කියන්නේ පුදුමාකාරම සංස්කෘතියක්,ඒක තෙරුම් ගන්න නං සරසවි ජීවිතයක් ලබන්නම ඕනි...මොකද ඔය කැම්පස් වැඩක් නෑ,කැම්පස් නං අන්තිමයි ඒ ළමයිනුත් අන්තිමයි කියලා බනින අය කවදාවත් සරසවි අභිෂේකයක් ලබපු අය නෙමෙයි අනික සරසවි අධ්‍යාපනය ලබපු කිසිම කෙනෙක් මේ සංස්කෘතියට බනිනවා මම කවදාවත් අහලා නෑ,හේතුව එයාලා ඒකේ වටිනාකම දන්න නිසා.

දැන් මම මගේ සරසවි ජීවිතේ අවසාන වසරට ඇවිත් ඉන්නේ, අපිට ඉහල වසරේ සහෝදර සහෝදරියෝ සරසවියෙන් සමුගෙන යනවා දැක්කම හිතට පුංචි වේදනාවකුත් දැනෙනවා අපිත් ඉක්මනටම මේ විදියට යන්න යයි නේද කියලා... වුනාට ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇත කියලා කතාවකුත් තියෙනවනේ..! 

මේ ඔක්කොමත් එක්ක මට මං ගැනම පුංචි අහිංසක ආඩම්බරයක් ඇතිවෙනවා මොකද මම ලංකාවේ සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුන්දර ඌව වෙල්ලස්සේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිසා...





18 comments:

  1. ඇත්තටම ඔයා වාසනාවන්තයි. මෙ ලස්සන ඩකින්න අපි කොලඹ එදන් පෙරුම් පුරද්දි ඔයාට එ ලස්ස්න අත ලග. අනිවාර්යයෙන්ම සරසවි ජීවිතය ජිවිතෙ ඊලග කඩයිම් වලට හරිම වැදගත් වෙනව.

    ලස්සන ලියුමක්,දිගටම ලියන්න මන්ජි

    ReplyDelete
  2. මාව හැම වෙලාවෙම දිරිමත් කරනවට ගොඩාක් ස්තුතියි ගයාන් ඔයාට...

    ReplyDelete
  3. මන්ජි මෙ පින්තුරු ඔය ගත්ත එවද ? එහෙනම් ඔයගෙ අර වතුර රූපෙ දැම්මනම් හොදයි.වෙන කෙනෙක්ගෙනම් එකත් සදහන් කරන්න

    ReplyDelete
  4. මේ ටික කි‍යවල ඉවර වෙනකොට ඇස් වලට කදුළුත් එනවා...

    ReplyDelete
  5. නෑ ගයාන් මේවා මම ගත්ත පින්තූර,උපදේශයට තුති :)

    ReplyDelete
  6. ඔයාලා එදා යනවා දැක්කම මටත් දුක හිතුනා තරූ අක්කා... :-/

    ReplyDelete
  7. මන්ජි බ්ලොග් එක දිගටම ලියන්න..දන්නවනෙ මම නම් කැම්පස් ජිවිතේ ගැන තාම ඔයා තරං සුභවාදිව දකින්නෙ නැ..බලමු දිගටම මේක කියවන කොට වෙනසක් වෙයි ඒ අදහසුත්..

    මේක සින්ඩිකේටර්ස් වල රෙජ්ස්ටර් කරන්න..සිංහල බ්ලොග් අවකාශෙට පය තිබ්බොත් මේක ඉන්න අපුරු මිනිස්සු අදුරගන්න ලැබුනොත් ඔයා මේක දාල යන්නෙ නැ..

    ReplyDelete
  8. අපි ඉතින් පැන්ඩෝ සාමාන්‍යයෙන් කැමති හොද දේවල් වලටනේ, දෙයක් සුභවාදීව බලනකොට හොද දේවල් පේනවා වැඩියි, හිතටත් දැනෙන්නේ සතුටක්.... මට කේශානුත් කියුවා රෙජිස්ටර් වෙන්න කියලා, මම රික්වෙස්ට් එකකුත් යැවුවා...ගොඩක් තුති උපදෙස් වලට මොකද මම ඉතින් තාම ආධුනිකයනේ :))

    ReplyDelete
  9. තව අවුරුද්දකින් මේ ඔක්කොටම ආයුබෝවන් කියල යන්න එපැයි නේද?

    ReplyDelete
  10. ඒකනේ සඳරුවන් දුක හිතෙනවා, ඒත් අපිටත් යන්නම වෙනවනේ ඉතින්...

    ReplyDelete
  11. සරසවි ජීවිතේ කියන්නෙ බොහෝදෙනෙක්ට සිහිනයක් විතරයි. ඒත් ඒ සරසවි ජීවිතෙන් ලබාගන්නා පන්නරය අනාගත ජීවිතයට අඩිතාලමක් වෙනවා. පාසැලින් පසුව කෙලින්ම රැකියාවට එකතුවුනු අපිට වඩා ඔයාලා රැකියාවට එකතු වෙන්නෙ සමාජමය අත්දැකීම් රැසක් එක්කයි. එය රැකියාව කිරීමේදී විශාල සහයක් වේවි.

    ReplyDelete
  12. ඈත්ත කතාව. අවුරුදු 4ක් කියන්නෙ ලොකු කාලයක්. ඒත් ඒක හරිම ඉක්මනට ගෙවිල ගියා, අපි නම් එලියට ගිහිල්ලත් ඉවරය්.
    ඔයා කියන විදියට මමත් බදුලු එද්දි මගෙ සමහර යාලුවො හිනා උනා. එත් අපි අවෙ හුගාක් අසාවෙන්. එ වගෙම බදුල්ල දාලා යන දවසට හිතට ලොකු දුකක් දෙනෙය්. හරියට තමන්ගෙ මොනා හරි දෙයක් අමතක වෙලා යනව වගේ. අපි අදරෙ කරපු අය, අපිව හුගක් අදරෙන් බලාහත්තු අය, අපේ කෑම්පස් එක දාලා එන්න බෑරි තරම්,,,,,,,,,,,,,,,,,,,,,
    ඒත් අපිට යන්නම වෙනවා. එක තමය් නියතය. අපි යනවා, අලුත් උන් එනවා, උනුත් යාවි. ,,,,,තවත් උන් ඒවි
    එත් ඌව වෙල්ලස්ස හෑමදාමත් ඒ විදියමය්.

    ReplyDelete
  13. ඔබේ අදහස් ගොඩක් අගය කරනවා රොෂාන්, ඒවුනත් පාසැලින් පසුව කෙලින්ම රැකියාවට එකතුවෙන එකත් හොදයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා :)
    ________________________________________________

    මේ අදහස අපේ අක්කාකෙනෙක්ගේ හරි අයියාකෙනෙක්ගෙහරි වෙන්න ඕනි, [නම නැති නිසා කවුද කියලා හිතාගන්න අමාරුයි කවුද කියලා] මේ කතාවට මමත් එකගයි මොකද මමත් බදුල්ලේ එනවා කියුවම හිනාවුන අය හිටිය "ඔයාට පිස්සු කියලා" , ඒ වුනාට ඒ ගත්ත තීරණය ගැන මම දැන් සතු‍ටු වෙනවා....

    ReplyDelete
  14. තව ටික කාලයයි අපි සමුගන්නවා!!!!!1

    ReplyDelete
  15. ඔව් සඳරුවන් අනේ තව ටික කාලයයිනේ නේද?

    ReplyDelete
  16. මන්ජි නන්ගි ලස්සනට ලියල තියනවා....මම ඔයාට සුබ පතනවා ඔයගේ අනාගත බ්ලොග් ජීවිතයට.....විශ්ව විද්යාලය මටනම් අතිශයින්ම සුන්දර අත්දෑකීම්ක් උනා විශේශයෙන් ඌවට ආව එක මගේ ජීවිතයට වෙච්ච සුන්දරම හොන්දම දේ..ඔයටත් වගේ යාලුවන්ගෙන් අඩුවක්නම් උනේ නෑ කෑම්පස් එක දාලා එනව තරම් ත්වත් අමාරු දෙයක් තිබුනෙ නෑ.
    ශ්‍රින්

    ReplyDelete
  17. ගොඩක් ස්තුතියි ශ්‍රීන් අයියා....ඔයාල ගියා වගේම අපිත් ඉක්මනටම යන්න යයි !!!

    ReplyDelete
  18. අපි පාසලෙන් ඉවත් වුනාට වඩා දුකක් අපි campus න් යනකොට දැනේවි මොකද අපි එක පවුලක් නිසා.

    ReplyDelete