Pages

Tuesday, October 18, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [ 1 කොටස ]


"මංජි මංජි ඉක්මනට උඩට එන්නකෝ" උදේ පාන්දරම මධු කෑගහන සද්දෙන් මට ඇහැරුනා “ඇයි ඇයි මොකක්ද වෙලා තියෙන්නේ” ඉක්මනට ඇදෙන් බැස්ස මම අනිත් අයවත් ඇදගෙනම උඩට ගියා බලන්න... උඩට යනකොටම බිම කුරුල්ලෙක් වැටිලා හිටියා, අනේ මේ මයිනෙක් නේද"...හෙල්ලෙන්නේවත් නැතුව බිම හිටපු කුරුල්ලව මම අතට ගත්තා...අයියෝ මෙයා මැරිලානේ, අනේ පවු… අපි අංකල්ට කියමුකෝ කෝකටත්.

"අනේ අංකල් මේ බලන්නකෝ මෙයා උඩ වැටිලා හිටියනේ"
"කෝ බලන්න, අංකල් කුරුල්ලව අතට ගත්තා "ලෙඩක්වත් හැදිලා වෙන්න ඇති" අපේ සද්දෙ ඇහිලා එලියට ආපු ඇන්ටි කියුවා

දැන් ඉතින් මොනා කරන්නද? මම මෙයාව කොහේ හරි වලලන්නන්කෝ, අංකල් කියුවා… අපි කට්ටිය ආපහු  ආවා, විභාගේ ලග නිසා පාඩම් කරන්නත් ඕනිනේ

මොකක්ද සද්දේ?? පඩිපෙල බාගයක් නගිද්දි ඇහුන සද්දෙන් මම ගල් ගැහුනා, "හරියට නිකන් කවුරු හරි කෙනෙක් වේදනාවෙන් කෑගහනවා වගේ"...ඔයාල යන්නකෝ මම සද්දේ මොකක්ද කියලා බලලා එන්නං, අංකල් අංකල් මොකක්ද සද්දේ?? පඩිපෙල ආපහු බහින ගමන් මම අංකල්ගෙන් ඇහුවා..."ඒක තමයි මාත් මේ බැලුවේ, අඹ ගහෙන් වගේ එන්නේ" ඉතිං අංකලුයි මමයි එලියට බැහැලා ගහේ හැම තැනම බැලුවා, මුකුත්ම නෑ...ඒත් කෑගැහිල්ල නං තාමත් ඇහෙනවා

මම පොඩ්ඩක් සද්දෙ එන දිහාට ඇවිදගෙන ගියා....ඔන්න එතකොට තමයි මම දැක්කේ "අයියෝ අංකල්, අර ලේන් පැටියෙක් නේද? අර අර ගෙදර වහලේ හිරවෙලා වගේ" ඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.




                                                                 මතු සම්බන්ධයි !!!

6 comments:

  1. අදයි බ්ලොගේ දැක්කෙ නංගි, හොඳයි, හොඳට ලියලා තියනවා. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා වගේම මම දැක්කමයි අපේ නංගි කෙනෙක් බ්ලොගයක් ලියනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.වැඩ ටික හොඳට කරගෙන යන්න. සුබ පතනවා. ආ.. අනිත් එක වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. කමෙන්ට් කරන්න පහසු වෙන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි චන්දික අයියා... :D

    ReplyDelete
  3. මෙතන වැදගත්ම දේ වෙන්නෙ මගෙ නම සදහන් වීම ....
    …හැබැයි ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  4. ස්තුතියි ස්තුතියි...නමත් ඉතින් ලස්සනයිනේ මධු, ඒක නිසයි සදහන් කලේ :D

    ReplyDelete
  5. කෝ බලමු ඊලග කොටස..

    ReplyDelete
  6. කොහෙද ඉතිං සඳරුවන් අපිට වෙලාවක් දැන් මේ ප්‍රොජෙක්ට් එක්ක?

    ReplyDelete