එකෝමත් එක දවසක එකෝමත් එක කාලෙක අපේ ගෙදර ලග තිබ්බ ගහක් ලගට පුංචි පැණි කුරුලු ජෝඩුවක් ආවා...දැන් ඔයාල බලනවා ඇති මේ පෝස්ට් එකේ මාතෘකාවටයි පැණි කුරුල්ලන්ටයි තියන සම්බන්ධෙ මොකද්ද කියලා, පොඩ්ඩ්ක් කලබල නොවී දිගටම කියවගෙන යන්නකෝ.
මේ ආපු පැණි කුරුලු ජෝඩුව ලොකු සාකච්ජාවකින් පස්සේ එහෙම ඔන්න මකුලු දැල්, වේලිච්ච කොළ ජාති ගෙනල්ලා ලස්සන කූඩුවක් හදන්න පටන් ගත්තා, කූඩුව හදලා වැඩි දවසක් ගියේ නෑ කිරිල්ලි බිත්තර රකින්න පටන් ගත්තා...සතියකින් විතර කූඩුව ලගින් යන මට ඇහුනේ පුංචි කිචිබිචියක්.
කුරුල්ලයි, කිරිල්ලියි එකතුවෙලා පැටියන්ට තරගෙට කෑම කවනවා, ටික දවසකින් පැටවු ලොකු වෙලා ඉගිලිලා ගියා.
ටික දවසක් ගියාම තවත් පැණි කුරුලු ජෝඩුවක් මේ කූඩුවට පදිංචියට ආවා, එයාලගෙත් පැටවු ලොකු වෙලා ඉගිලිලා ගියාම කූඩුව පාලුවට ගිහිල්ලා තිබ්බේ...

ඔන්න එදත් මේ පැණි කුරුල්ලා එයාගේ සුපුරුදු තැනට නිදාගන්න ආවම කවුද එතන ඉන්නවා, මේ පිංතූරේ බැලුවම ඔයාලටත් පෙනෙයි එතන කවුද හිටියේ කියලා..."ඒයි මේ මගේ තැන" පැණි කුරුල්ලා තරහෙන් කිචිබිචි ගෑවා. ඒත් මේ චණ්ඩියා නෙමෙයි එයා හිටපු තැනින් හෙලවුනේ, ටිකක් වෙලා එතන හිටපු පැණි කුරුල්ලා වෙන තැනක් හොයාගෙන යන්න ගියා.
එදා ඉදන් මේ චණ්ඩි ගෙම්බගේ නවාතැන වුනේ මේ කුරුලු කූඩුව, දවල්ට හොදට ඒක අතුලට වෙලා නිදාගන්න මේ කම්මැලියා හොදටම රෑවුනාම එලියට ඇවිත් ආපහු කූඩුවට ගිහින් නිදාගන්නවා.
තව වැදගත් දෙයක් තමයි මෙයා polypedates cruciger නැමැති ලංකාවට ආවේණික ගෙම්බෙක් වීම.