තිබ්බ වැඩ කන්දරාවත් එක්ක හුග දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා... සරසවියේ යාලුවෝ එක්ක හිටපු කාලේ මතක් වෙනකොට හිතෙනවා ජීවිතේ කොච්චර සුන්දරද කියලා, ගැටලු ප්‍රශ්න තිබුනත් අපිට හැමෝමත් එක්ක හිනාවෙලා ඉන්න බැරිකමක් තිබ්බේ නෑ.
මීට අවුරුදු තුනහමාරකට විතර කලින් අරගෙන ගිය බඩුත් ඔක්කොම අරගෙන මෙච්චර කල් හිටපු බෝඩිං වලටයි, යාලුවොන්ටයි, කැම්පස් එකටයි සමුදීලා එනකොට අදින් පස්සේ හැමදාම ගෙදර ඉන්න පුලුවන් කියන සතුට තිබ්බත් හිත යටින් මොකද්දෝ කියාගන්න බැරි හැගීමක් තිබ්බා. එහෙන් එන දවසේ හිතට දුකක් නොදැනුනත් කැම්පස් එකේ ගතකරපු ඒ කාලේ ආපහු එන්නෙ නෑ කියලා හිතෙනකොට හිතට දැනෙන්නේ මහ අමුතු හැගීමක්, දුකක්.
ඒත් ඒ දවස් වල ගෙදර එන එක තරම් වෙන සතුටක් අපිට තිබ්බෙ නෑ හැබැයි දැන් ගෙදර ඇවිල්ලා, යාලුවන්ගෙන් දුරස් වෙලා ඉන්නකොට හිතෙනවා මේ ජීවිතේ හරි ඒකාකාරී නේද කියලා.
කැම්පස් එකේ අන්තිම සෙමෙස්ටරයේ තිබ්බ විභාග, ඇගයිම්, ව්‍යාපෘති, සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් එක්ක නින්දක්වත් නැතුව හෙම්බත් වෙලා හිටපු මට අලුත් අවුරුද්දට සති දෙක තුනකට කලින් ගෙදර ආවත් ඇවිල්ලා සතියක් යන්නත් කලින් ආයතනයක වැඩ පටන්ගන්න වුනා. ජීවිතය කියන්නේ අපිට හැමදාම අලුත් අත්දැකීම් දෙන දෙයක් ඉතින් වැඩ කරන අතරතුර අලුත් අය ගොඩ දෙනෙක්ව අදුර ගත්තා වගේම අලුත් දේවල් ගොඩකුත් ඉගෙනගත්තා,තාමත් ඉගෙන ගන්නවා.
ගොඩක් දේවල් කියන්න හිටියත් හිතට දැනෙන්නේ අමුත්තක්, සමහරවිට කාලගුණේ නිසා වෙන්න ඇති... එහෙනම් අදට සමුගන්නම් ඉක්මණින්ම නැවතත් හමුවීමේ අදහසින් !