Pages

Friday, September 30, 2011

ආදරණී‍ය දෝණිට ආදරණී‍ය අම්මගෙන්....


මම කැම්පස් එකේ ඉදල ගෙදර ආවෙ හුග කාලෙකින්, මගේ කාමරේට මම යනකොට ඇද උඩ කොලයක් තිබ්බා...මොකක්ද මේ??? මම ඒ කොලේ අතට අරගෙන කියවන්න ගත්තා....


දියණියනි නුඹ ඈත
සිප් නැණ සොයන සඳ
නුඹේ පුංචි කාමරය
පාළුවෙන් වෙලී ඇත

පුතකු නැති අපේ ලොව
පුතෙකු විය දියණි නුඹ
වසර හතරක් පුරාවට

නුඹේ සිනා හඩ
නුඹේ පිය තෙපුල්
අහිමි වී ගිහින්

සීත කඳුකරේ
දිසාපාමොක් අරණේ
ගුරු සිත නොරිදවා
ඉගෙනුම ලබන දියණියනි
නුඹේ දඟකාර සිනාහඞ
අරගෙන යලිත්
ඉක්මනට මෙහි එන්න.....


මේ ලෝකේ මට තෙරුම් ගන්න බැරි ගොඩක් දේවල් අතරින් පුදුමාකරම දේ තමයි මගේ අම්මගෙ ආදරය...!!!








No comments:

Post a Comment