ඵකෝමත් ඵක දවසක මම කැම්පස් ගිහින් බෝඩිමට එනකොට ගේ ඇතුලෙ තියලා තිබ්බ කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් පොඩි කෙදිරිලි සද්දයක් ඇහුනා....මමත් ඉතින් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා කවුද මේ ඇතුලේ ඉන්නේ කියලා, අනේ...."ඇන්ටි ඔයා බලු පැටියෙක් ගෙනාවද??" ඇතුලෙ ඉන්න එක්කෙනා දැක්කම උන්හිටිතැනුත් අමතක වෙච්ච මම මහ හයියෙන් කෑගහගෙන ඇන්ටි ලගට දිවුවා..."ඔව් පුතා, මෙයා මුතියංගනේ පන්සලේ හිටියේ මිනිස්සුන්ගෙ කකුල් වල වැදි වැදි එහෙට මෙහෙට විසිවෙනවා, පවුනේ පුතා මං ඉතිං අරගෙන ආවා"
මම ආපහු පෙට්ටිය ලගට ගියා, කලුපාට දිලිසෙන ඇස් දෙකක් මගේ දිහා ලොකු කුතුහලයකින් බලාගෙන හිටියා...."අනේ ඔයා හරි ලස්සනයිනේ" මට කියවුනා... මෙන්න මෙයා වලිගේ වනනවා,හරියට නිකං මම කියපු එක තේරුනා වගේ :)))) අනේ ෂෝක් බලු පැටියා, මගේ හිත ආදරෙන් කෙදිරි ගෑවා...
"කෝ එන්නකො බලන්න චණ්ඩියා පෙට්ටියෙන් එලියට" මම ඉතින් මේ පුංචි බලු පැටියව පෙට්ටියෙන් එලියට අරගෙන පැත්තකින් තිබ්බා, අනේ තාම ඇව්දගන්නවත් බැරි කලුපාට පුංචි පුලුන් බෝලයක් මගෙ ලගට පෙරලි පෙරලි ආව....
"මෙයා කියන දෙයක් අහන්නෙම නෑනේ,දෙන්න හිතෙනවා හොද ගුටියක්" අපේ නංගියා ඔයාට ආදරෙන් බනිනවා, ඒත් කොහෙද ඉතින්, කාගෙ හරි කකුලක් හප හප ඉන්න එක තරං මට වෙන ජොලියක් කොහෙද නේද චණ්ඩියෝ??? :D
මමත් ඉතින් කම්මැලි හිතුනම කරන්නේ ඇවිත් ඔයත් එක්ක සෙල්ලං කරන එක, ඔන්න ඉතින් ඒ වෙලාවට අපෙ ඇන්ටිත් එනව චණ්ඩියගෙ වැඩ බලන්න,බෝලයක් වගේ මගේ පස්සෙන් දුවන මේ කලු බෝලෙ දැක්කම ඇන්ටිත් හරි ආදරෙන් කියනවා අනේ ෂෝක් බලු පැටියා නේද කියලා...
හැමදාම මම උදේට යනකොට තාප්පේ එල්ලිලා බලාගෙන ඉන්නවා, මම එනකොටත් බලාගෙන ඉන්නවා...ලගට ගියාම නැට්ට වන වන දගලන්නේ ඔයත් එක්ක සෙල්ලං කරන්න එන්න කියල මම දන්නවා... ඒත් ඉතින් ජීවිතේ හොයාගෙන යන මේ ගමනේ ඔයත් එක්ක හැමවෙලාවෙම සෙල්ලං කර කර ඉන්න මට වෙලාවක් තිබ්බේ නෑනේ...
ඔයා අපි ලගට ආවේ මෙච්චර ඉක්මනට අපිව දාලා යන්නකියල දැනගෙනහිටියනං.........ඒත් ඉතිං මොනවා කරන්නද නේද???
ලෙඩවෙච්ච මේ පුංචි චණ්ඩියව සනීප කරගන්න අපි නොකරපු දෙයක් නෑ, වෙනදට කෑම එක දෙන්නත් කලින් පෙරලගෙන කන චණ්ඩියා කෑම එක දිහා බලන්නෙවත් නෑ.....
"අයියෝ හොදට හිටපු පැටියනේ" හැමොම කන්කෙදිරි ගානව,
අද උදේ ඔයාව දැක්කම මට මහ අමුත්තක් දඇනුනා, හවස මම ඔයා ලගට ගියාම කාටවත් නොපෙනෙන ඈතක ඔයා බලාගෙන හිටියා, අපේ චණ්ඩියගේ අන්තිම හුස්ම මගේ ඇස් දෙක ඉස්සරහම වාතලයට එකතු වුනා....
මම හැමදාම ඔයාට කියලා යනවා වගේ ඔයත් මට කියලා යන්නම හිටියද කියල ඒ වෙලාවෙ මට හිතුනා.....
ජීවිතේ අනියතයි තමයි - ඒත් ඉතිං අනේ මංදා?
දුක් වෙන්න එපා,එයා තිරිසන් ආත්මෙන් අතමිදුනා.
ReplyDeleteඅනේ මංදා එහෙමවත් හිතලා හිත හදාගමුකෝ !!!
ReplyDelete