Pages

Saturday, January 14, 2012

රේඩියෝ ස්ටේෂන් එකකට කෝල් කලෙමු... :D


අලුත් අවුරුද්දේ තිබ්බ වැඩ කන්දරාවත් එක්ක ඔන්න අද තමයි යන්තන් හරියට නිදාගන්නවත් වෙලාවක් හම්බවුනේ, දවල් කැන්ටිමේ යාලුවොත් එක්ක කතාකරකර ඉන්නකොට පරණ බෝඩිමේ වෙච්ච සිද්ධියකුත් එලියට ආවා....එහෙනන් ඉතින් අලුත් අවුරුද්දත් සුන්දර අතීතයේ පරණ කතාවකින්ම පටන් ගමුකෝ.


ඒ ගතවුනේ කැම්පස් එකේ විභාග කාලේ, අපේ බෝඩිමේ කටිටියත් ජයටම පාඩම් කරනවා....වෙනදට මුලු පලාතටම ඇහෙන්න බෝඩිම දෙවනත් කරන කට්ටියගේ අද අල්පෙනෙත්තක් බිම වැටෙන තරම්වත් සද්දයක් නෑ, මොකද කැම්පස් එකේ පළවෙනි පන්තියේ සාමාර්ථයක් ටාර්ගට් කරන එක්කෙනෙක් ඇරෙන්න ඉතින් මම දන්න තරමටනං ඉතින් අපි හැමදාම පාඩන් කරන අය නෙමෙයි එමනිසාවෙන් විභාගේ කියන්නේ අපිට විභාගෙම තමයි.අපේ කට්ටිය කියන විදියටනන් විභාගේ ලංවෙලා පාඩන් කලේ නැත්තන් කිසි කික් එකකුත් නෑ

ඔන්න විභාගේ කාලෙට ඉතින් කට්ටියම සහයෝගෙන් ප්ලේන් ටී බිබී, බිස්කට් කකා රෑ 1-2 විතර වෙනකන් පාඩන් කරනවා, ඔය අතරේ පොඩි පොඩි නිදිමතවල් ආවම කරන්නේ රික්වෙස්ට් ෂෝ කරන රේඩියෝ චැනල්ස් වලට කතා කරන එකයි....සාමාන්‍යයෙන් ඔය වැඩේට දක්ෂ අපේ සචියා තමයි, ඔය විදියට විභාගේ දවස් වල දිගටම කතා කරලා අන්තිමට  රේඩියෝ චැනල් එකේ අය සචියගේ කටහඩින්ම අදුරගත්ත වෙලාවලුත් තිබ්බා (මොකද ඉතින් ටකරමට ගල් ගහනව වගේ අපේ සචියගේ කටහඩ හරිම කන්කලුයිනේ :D)

ඔහොම ඉතින් එක දවසක අන්තිමට පාඩන් කරන්න ඉතුරු වුනේ මමයි ෂානියයි විතරයි...රෑ 3 ත් පහුවෙලා දෙන්නටම නිදිමතක් නෑ, හෙට උදේම විභාගෙට යන්නත් ඕනේ ! කමක් නෑ නිදිමතත් නැති නිසා අපි දෙන්නම එහෙනන් තව ටිකක් පාඩන් කරමු කියලා තීරණය කලා.

 ඒත් ටිකක් වෙලා යනකොට කම්මැලියි වගේ...."මං කියන්නද වැඩක්, එහෙනන් අපි රේඩියෝ චැනල් එකකට කතා කරමු" යෝජනාවක් ආවා.... දැන් ඉතින් ඔන්න දෙන්නම තියන තියන හැම චැනල් එකටම කතා කලා කෝ එකක්වත් ආන්සර් කරන්නේ නෑනේ, නිවේදකයට නින්ද ගිහිල්ලද දන්නේ නෑ කියලා හිනාවෙවී තව චැනල් එකකට ගත්තම  ටික වෙලාවක් රිංග් වෙවී තිබිලා ඔන්න කවුද එකපාරට එහා පැත්තෙන් ආන්සර් කලා

- හලෝ....
- හලෝ මේ අහවල් රේඩියෝ චැනල් එකද?
- ඔව්....
- අපිට සිංදුවක් ඉල්ලන්න පුලුවන්ද?
- ආ නංගි දැන්නං චැනල් එක වහලනේ, හෙට කොල් කරන්නකෝ...කියලා ඔන්න කෝල් එක කට් වුනා

මළා, ඔන්න එතකොට තමයි වෙලාව දැක්කේ උදේ 5 ත් පහුවෙලා කියලා...."හප්පේ වෙච්ච ලැජ්ජාවක්", හෙට උදේ මේක කට්ටියට කියුවම හම්බෙන කමෙන්ට්ස් ටික ගැන හිතුවම ඊට වඩා ලැජ්ජාවයි....දැන් ඉතින් මොනා කරන්නද වෙච්ච දේ වුනා, තව පැය තුන හතරකින් විභාගෙට යන්නත් ඕනේ, පැයක්වත් නිදාගන්න තීරණය කරලා ඇදට ගියත් වෙච්ච දේ මතක් වෙනකොට හිනාව නවත්තගන්න බෑ දෙන්නටම..... :D


පිංතූර අන්තර් ජංජාලයෙන් ලබා ගන්නා ලද ඒවා වේ...

17 comments:

  1. ගීතයට මාවත් එකතු කර ගත්තද ? නැහැ නේද ? එකයි ඔය අවුල !

    ReplyDelete
    Replies
    1. හිහ් හී මටත් එහෙම හිතුනා ;)

      Delete
  2. හොද වැඩේ අපට හොරෙන් කථා කලාට හැබැයි මරු වැඩේ නේ ඒත් ඉතින් අපට ඊට වඩා දේවල් වෙලා තියෙන නිසා හොදයි...

    ReplyDelete
  3. අපි ඔයාලවත් නැගිට්ටවන්න හැදුවේ, ඒත් ඉතිං අපරාදෙනේ නින්ද...ඔව් ඔව් අපිට වෙච්ච දේවල් ගැන නං කියලම වැඩක් නෑ :D

    ReplyDelete
  4. ගොඩක් චැනල් වල රෑට playlist එකක් දාන එකනෙ කරන්නෙ දැන්නම්.
    හෙට කෝල් කරන්න කීවෙ ඇයි අද චැනල්එකට නිවාඩුද? ආන්සර්කරපු කෙනාට උතුර දකුන මාරු වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. උතුර දකුණ නෙමෙයි, ආන්සර් කරපු කෙනාගෙන් බැණුම් අහපු නැති එකම ඇති ;)

      Delete
  5. කට්ටිය බයිට් ද මන්දා :D :D

    ReplyDelete
  6. අය්යෙ මං මේ බෙලි අත්තෙන් අමිල කතා කරන්නෙ....ආ නංගි හය්යෙන් අල්ලගෙන නේද ඉන්නෙ :D

    ReplyDelete
  7. ආ.. පෝ.... සා...ට‍ර්! :D

    ReplyDelete
    Replies
    1. හිහ් හී කියලා වැඩක් නෑ :D

      Delete
  8. පාන්දර 5ට අහන්න හිතුන සින්දුව මොකක්ද මංජි? :D

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ශාස්ත්‍රීය පුද්ගලයොනේ, අමරදේව මාස්ටර්ගේ සිංදුවක් ඉල්ලන්න හිටියේ :D

      Delete
  9. oyai,shani, dennama padam karanna kalin sara jathi mokuth pawichchi kale na neda nage? Hikiz.... :D

    ReplyDelete