Pages

Wednesday, December 7, 2011

රුපියල් 800 ක් ගෙවා සාස්තරයක් ඇසුවෙමි...




පැංචෝ අපි හෙට මහරගම යමුද, මට බඩු වගයක් ගන්න තියෙනවා අනිද්දට කැම්පස් යන්නත් ඕනිනේ....මගෙන් යෝජනාවක්, " හරි හරි අපි යමු එහෙනන් අකුරු තුනේ බුරියානි කඩෙන් දවල්ටත් කාලම එමු " මගේ යෝජනාවට තව අදහසක් එකතු කරලම ගයාන් යෝජනාව ස්ථිර කලා.

ඔන්න ඉතින් පහුවෙනිදා මහරගම පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා කලමනා කාරිය එහෙම ටිකක් ගත්ත අපි මහරගම යූත් සෙන්ටර් එක පැත්තට ඇවිදගෙන ගියේ තවත් කඩයකට යන බලාපොරොත්තුවෙන් එතකොට තමයි මම දැක්කේ පාර අයිනේ හිටපු සාස්තර කියන අහිකුණ්ඨක ගැහැණු උදවිය කිහිප දෙනෙක්. පොඩි කාලේ ඉදන්ම සාස්තරයක් අහන්න කැමැත්තෙන් හිටියත් අම්මගේ දැඩි විරෝධය නිසා මට කවදාවත් සාස්තරයක් අහන්න හම්බවුනේ නෑ.

අහිකුණ්ඨක ගැහැණු උදවියව දැකපු ගයානුත් මගෙන් ඇහුවා මොකද කියන්නේ අහමුද සාස්තරයක් කියලා, ඕනි නෑ කියලා හිතේ දෙගිඩියාවෙන් එතනින් යද්දී එතන හිටපු අහිකුණ්ඨක ගෑනුකෙනෙක් දිහා මට බැලුනේ නිකමට, "මම කියනවට පොඩ්ඩක් මෙහෙ එන්නකෝ නෝනා"....හා එහෙනන් කමක් නෑ අහමුකෝ බලන්න සාස්තරයක්, මගේ හිත මට උත්තරයක් දුන්නා.

නෝනා එහෙනන් මෙතනින් පොඩ්ඩක් වාඩිවෙලා දෙන්නකෝ මට වම් අත නෝනගේ, "පොඩි පොඩි ඉරි තමා නෝනට පොඩි පොඩි කරදර තියනවා, හිත තමා හරිම හොද, කාටත් උදවු කරනවා.....ඔන්න ලිස්ට් එකක්ම කියවගෙන ගියා, ඔය අතරේ ඉතින් මගේ නැතෙයි කියලා හිතාගෙන හිටපු හොද එහෙමත් කියවුනාම මට පොඩි ආඩම්බරයකුත් ඇතිවුනා, ඇයි ඉතිං දැන් බලාගෙන යනකොට මමවත් දන්නේ නැති තරං මම හොදයිනේ; ඒ වුනත් කියපු ලිස්ට් එකෙන් මගේ ප්‍රියතම කොටස තමයි "නෝනා දේවතාවියක් වගේ උනාට අසාධාරණේට කට ඇරියොත් කාලි මෑණියෝ" වගේ කියපු එක, ඔය ඇරෙන්න තව කියපු දේවල් වලින් තුන්කාලක් විතර තෙරුනේත් නෑ හරියට,හේතුව තමයි පැයට හැතැප්ම සීයක විතර වේගෙන් කියවීම සහ සමහර වචන නොතේරීම....හැබැයි ඉතිං මට තේරෙන්න කියපුවගෙන් බාගයක් විතර හරියි කියලා තමයි මට හිතුනේ.

ඔන්න මට ආපහු උපදෙසක් හම්බ වුනා කැමති මල් වර්ග දෙකක් හිතාගන්න කියලා, ඊලගට කාලි මැණියන්ගේ පොත කියලා එකක් අරගත්තා....ඒක නිකන් පෙනුමටනං පරණ පුස්කොල පොතක් කියලයි මට හිතුනේ....ආපහු උපදෙසක් කාලි මෑණියන්ගේ පොත ඇතුලට නූලක් දාන්න...ඔන්න ඒකත් දැම්මා....ඕන් එතකොට පෙරලුනා පි‍ටුවක් ඒ කාලි මැණියන්ගේ පොතෙන්, මෙන්න තියෙනවා ලස්සන නාග රූපයකුයි දේව රූපයකුයි.පොත දිගහැරගත්ත සාස්තර උදවිය ඔන්න මම හිතපු මල විස්තර කරන්න පටන් ගත්තා, නෝනා මුලින් හිතුවේ රෝස මල - වැරදිනේ මම හිතුවේ නෙලුම් මල, නෝනාට ඊලගට පිච්ච මලද අරලිය මලද කියලා හිතාගන්න බැරිවුනා ඒ වුනාට අන්තිමට හිතුවේ පිච්ච මල - හරි නේන්නං මට එහෙමම හිතුනනේ.


ආපහු මගේ වම් අත අරගෙන තවත් විස්තර රාශියක්ම, නෝනගේ හැම බලාපොරොත්තුවක්ම ඉ‍ටුවෙනවා, හැම වැඩක්ම සාර්ථක වෙනවා, නෝනා මේ සිකුරාදට ස්වීප් ටිකට් එකක් ගන්න S අකුරෙන්, ඒක හරි ගියොත් මම දන්නවා නෝනා ඇවිත් මට සලකාවි....නෝනා දැන් සල්ලි කියලා හිතන්නේ නැතුව මේ කාලි මෑණියන්ගේ පොතේ කියලා තියෙන මුදල පූජාවක් කියලා හිතලා තියන්න.....හප්පේ එතකොටනේ දැක්කේ පොතේ නාග රූපෙ ලග රු300කුත් දේව රූපේ ලග රු500කුත් ලියලා තියනවා, මදැයි සාස්තර ඇහුවා රු800ක් !!! දෙනවද නැද්ද, මොකද කරන්නේ??? කරන්න දෙයක් හිතාගන්න බැරුව මම ගයාන්ගේ මූණ බැලුවේ, ඕනි එකක් කමක් නෑ ඔන්න ඔහේ දෙනවා..."සල්ලි කියලා හිතන්නේ නැතුව දෙන්න නෝනා, මාරු නැත්තන් දෙන්න මම මාරු කරලා දෙන්නං" සාස්තර බවලතාගෙන් තවත් උපදෙසක්. මේක කියපුවම මට අපේ කස්ටියගෙන් හොදට අහගන්න පුලුවන්, එක අතකට අපරාදේ සල්ලි...එක එක දේවල් හිතින් හිත හිතම මම ඔන්න සල්ලි දුන්නා.

නෝනා දන්නේ නැතුව නෝනට පයට යම් දෙයක් පෑගිලා තියෙනවා, නෝනට තියෙන එකම අපලේ ඒක තමයි....මේ කියන්නේ මොකක්ද ඒපාර???  නෝනා ඔය අපලේ අයින් කරන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ නැතුව මට කියන්න බෑනේ ඔන්න මට සාස්තර කියන උදවියගෙන් චෝදනාවක්....ඔන්න එතකොට තමයි මට තෙරුනේ මට මොකක් හරි වෙච්ච දෙයක් ගැන තමයි මේ කියන්නේ කියලා, හා එහෙනන් ඕකත් අහමුකෝ "ඔය අපලේ අයින් කරන්නේ කොහොමද"? ....සීනිගම දේවාලෙට ගිහිල්ලා කරන්න කියලා මොකක්ද තවත් උපදෙසක් !!! නෝනට යන්න බැරිනං නෝනගේ පයට පැගුන ගල් කැටයක් මට ගෙනත් දෙන්න, මම ඒක කරන්නං, නෝනා සල්ලි කියලා හිතන්නේ නැතුව ඒකට කෝවිලට පූජාව විතරක් දෙන්න....එනපොට හොද නෑ වගේ, ඉදගෙන හිටපු තැනින් නැගිට්ට මම ගයාන් දිහා බැලුවා..."ඔය පූජාවට කීයක් දෙන්න ඕනිද" ගයාන් ඇහුවා, මහත්තයා සල්ලි කියලා හිතන්නෙ නැතුව පූජාවක් කියලා හිතලා දෙන්නකෝ, "නෑ කමක් නෑ ඕනි නෑ" සාස්තර උදවියට කියපු මම ගයාන්වත් ඇදගෙන යන්න ලැස්තිවුනා...."ඔය නෝනගේ අපලේ හින්දා තමයි ඔය පූජාව කරන්න නෝනගේ හිත දෙන්නේ නැත්තේ" සාස්තර උදවිය අනතුරු ඇගෙව්වා, නෑ කමක් නෑ බොහොම ස්තුතියි ගයාන්වත් ඇදගෙන මම එතනින් පිටත්වුනේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරුව....


පින්තූර ගත්තේ - http://www.imontvbitch.com/2009/09/the-face-reader/

11 comments:

  1. හි හි ..අපි දෙන්නම දන්නවනෙ අපි එලියට ගියොත් සැහෙන ගානක් වටේ පිටේ උදවියට නිකන් දීල එනව කියල මෙකත් ඉතින් එහෙම තමා.

    මතක් වෙනකොටත් හිනා යන්ව.

    ReplyDelete
  2. හිහ් හී ඔව් ඔව්, ඒත් ඉතින් ටිකක් හරි ඇත්තකුත් කිව්වනේ :D

    ReplyDelete
  3. සිරාවට? 2002 වල ගත්තෙ රුපියල් 80. 2011 වෙනකොට දහ ගුනයකින් වැඩිවෙලා? දෙවියන්ටත් ජීවන වියඩම දැනිල වගේ :)

    ReplyDelete
  4. ඔව් ඔව් මටත් හිතුනේ ඒ වගේ තමයි, දෙවියොත් ඔහොමනන් අපි මෙහෙම ඉන්නවා මදැයි :D

    ReplyDelete
  5. මමත් මාර පරිප්පුවක් කෑවා අනුරාධපුරේ ගිහිල්ලා ගෙදර කට්ටිය එක්ක..එක සාස්තර කියන ගෑනු කෙනෙක් මගේ මූන බලලා කියපි මේ මත්තියානං මනමාළයෙක් කියලා..හප්පේ..මගේ රෙදි ගැලවුනා...මාරු උනා එතනිං....

    ReplyDelete
  6. සල්ලි වැඩි වෙලා වෙන්ටැ..
    කතාවක් තියෙනවා.. මේ සාස්තර කියන අයගෙ සාපෙ බලවත් කියලා..

    ReplyDelete
  7. ඔබ නොදු‍ටු ලොවක්.....
    හිහ් හී වෙලාවට මට එහෙම කතාවක්නං කිව්වේ නෑ :D
    ____________________________________________________________________________________________________
    Roshan Herath
    අයියෝ සල්ලි වැඩි වෙලා නෙමෙයි, ඒ අවස්ථාවේ හැටියට දෙන්න වුනා, රු 800කුත් දීපු නිසා එහෙනන්ං මට සාප කරන්න නැතුව ඇතිනේ නේද :D

    ReplyDelete
  8. බැලුවෙ නැද්ද සෙරෙප්පුවේ යටි පැත්ත මොනවා හරි පෑගිලා තියෙනවද කියලා. දැන් කාලෙ පාරවල්වල හරියට ජරාව නේ :D

    ReplyDelete
  9. අයියෝ සල්ලි ඊට හොද නැත්ද බෝඩිමේ අපට දානයක් දුන්න නම්....

    ReplyDelete
  10. අයියෝ සල්ලි!!!!

    ReplyDelete
  11. හිහ් හී අනේ මන්දා බට්ටී සෙරෙප්පුවලට පෑගෙන දේවල් වල හැටියට යටි පැත්ත බලන්නවත් හිතෙන්නේ නෑනේ !!!

    ReplyDelete